අතුරුදන් වූ මෙහෙණින්වහන්සේලා තිදෙනා නුවරඑලියෙන් හමුවෙයි . . .

මිනුවන්ගොඩ බොරළුවත්ත ප්‍රදේශයේ පිහිටි මෙහෙණි ආරාමය සිට අඅතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණින් වහන්සේලා තිදෙනා  නුවරඑළිය පොලිසිය මගින් මඟින් සොයාගෙන ඇත.

වයස අවුරුදු  12, 15 18  යන වයස්මෙවල   පසුවු  මෙම   මෙහෙණින් වහන්සේලා තිදෙනා ඉකුත් (24) දින සිට මෙහෙණි ආරාමය සිටි වයස අවුරුදු (32) ක කාන්තාවක් සමග අතුරුදන්ව ඇති බවට මිනුවන්ගොඩ පොලිසියට පැමිණිලි ලැබී තිබු බව පොලිස් මූලස්ථානය පවසයි.

සැකකාර කාන්තාව  නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.  මෙහෙණින් වහන්සේලා නුවරඑළිය  ඇගේ ඥාතී නිවසකට  රැගෙන ගොස් සිටියදී එම නිවැසියන් මෙහෙනින් වහන්සේලා තිදෙනා සහ කාන්තාව  ඊයේ  (26) නුවරඑළිය පොලිසියට බාර දී ඇත.

ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණින් වහන්සේගේ කරදර නිසා කාන්තාව සමඟ පැමිණි බවයි. සැකකාර කාන්තාව සහ මෙහෙණින් වහන්සේලා  වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලීසියට භාර දී ඇත.

  • ඉන්දිකා  රාමනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අක්ෂි කාච හිඟයක් . . .

Sun Aug 27 , 2023
වෛද්‍ය සැපයුම් අංශය සතුව කිසිදු වර්ගයක අක්ෂි කාච නොමැති වීම නිසා ඉදිරියේදී දැඩි හිගයක් මතු විය හැකි යැයි බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මිලදී ගැනීමට යොමු වුවහොත් මසකට රුපියල් කෝටි 20 ක පමණ පාඩුවක් රජයට දැරීමට සිදුවන බවත් සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. රට පුරා රෝහල්වලට මසකට අක්ෂි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x