මගී ප්‍රවාහන බස් සේවයත් විදේශිකයන්ට විකුණන සූදානමක . . .

බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ සේවය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරණ මුවාවෙන් මගී ප්‍රවාහන බස් සේවයද විදේශිකයන්ට ලබා දීමට ආණ්ඩුව පියවර ගෙන ඇතැයි බරපතල සැකයක් මතු වී තිබේ.

මෙම සැකයට හේතු වී තිබෙන්නේ පසුගිය 28 වෙනි දින ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයක් සම්මත කිරීමෙන් පසුවය. එම කැබිනට් සංදේශය අනුව විදුලි බස් රථ 200ක් බස්නාහිර පළාත තුළ යොදවමින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විදේශ ආයෝජකයන් සහභාගී කර ගැනීමට නියමිතය.

එම කැබිනට් සංදේශයෙහි දක්වා තිබෙන්නේ එම ආයෝජකයන් විසින් අදාල බස් රථ 200 ලබාදීම සහ විදුලි ආරෝපන සේවා මධ්‍යස්ථාන ආරම්භ කරන බවය. එහෙත් බස් රථ 200 ලංකා ගමනාගමන මන්ඩල යටතේ ධාවනය කරන බවද ලීසිං වාරික අදාල සමාගමට ගෙවීමෙන් පසුව එම බස් රථ ගමනාගමන මණ්ඩලයට අයත් වන බව ප්‍රකාශයට පත් කර තිබේ. බස් රථ ගමනාගමන මණ්ඩලයට පැවරෙන බව දක්වමින් මෙරට මගී ප්‍රවාහන බස් සේවයද විදේශීය ආයෝජකයන් හට විකුණා දැමීමේ නියමු ව්‍යාපෘතියක් මෙයින් සිදු කරනු ඇති බවට බස් ව්‍යාපාරයේ යෙදී සිටින සියලුදෙනාගේ බලවත් සැකයක් මතු වී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොරෙන් ගෙනා සුඛෝපභෝගී ජිප් රථ . . .

Thu Aug 31 , 2023
කුරුණෑගල කෝටිපති ව්‍යාපාකයකු විදේශ රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කහතුඩුව ප්‍රදේශයේ නිවසක සඟවා රුපියල් කෝටි 5 ට අධික වටිනා සුඛෝපභෝගී ජිප් රථ දෙකක් පානදුර වලාන දුෂණ මර්දන ඒකකය  අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සැකකරු ඔහුගේ බිරිඳයට අයත් කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක මෙම වාහන දෙක සඟවා තිබී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x