පොලොන්නරුවට වතුර දෙන්න මහවැලි ගඟ හරස් කරයි . . .

පොලොන්නරුවේ පානීය ජල අර්බුදයට විසැඳුම් ලබා දීම සඳහා වැලිකොට්ට දමා මහවැලි ගඟ හරස් කිරීමට කටයුතු කළේය. 

වියළි කාලගුණය සහ ඉඩෝරය හේතුවෙන් පොළොන්නරුවේ පානීය ජල අර්බුදයෙන් පීඩා විඳින පවුල් 25,000 කි.

පොළොන්නරුව මහ රෝහල මෙන්ම රාජ්‍ය ආයතන රැසක සේවකයන්ට පානීය ජලය අඛණ්ඩව ලබාදීම මෙම පියවර ගත්තේය.

ජල සම්පාදන මණ්ඩලයේ පොලොන්නරුව කාර්යාලයේ නිලධාරීන් සහ සේවකයන් සහ මනම්පිටිය මහවැලි ගඟේ වම් හා දකුණු ඉවුරේ වැලි ගොඩ දමන කම්කරුවන්, මංකඩහිමියන් මනම්පිටිය මහවැලි ගඟ ආශ්‍රිතව තිබෙන ප්‍රධාන පොම්පාගාරයට ජලය එක්රැස් කිරීමට වැලි කොට්ට දමා ගලායන ජලය ආරක්ෂා කිරීමට විශේෂ මෙහෙයුමක් 31 වෙනිදා ක්‍රියාත්මක කළහ.

වැලි කොට්ට දමා ජලය එක් රැස්කර මනම්පිටිය මහවැලි ගග තුළුමුව හරහා අඛණ්ඩව ජලය ලබාදීමටත්, ඉදිරියේදී ඇතිවන පානීය ජල අර්බුදය පියවා ගැනීම සඳහා යම් විසඳුමක් වශයෙන් මනම්පිටිය මහවැලි ගඟ හරස් කර දැනට ගලා එන වතුර මුහුදට යාමට ඉඩනොදීමට මෙම පියවර ගත් බව   ජාතික ජල සම්පත් මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු රන්ජන් අමරසිංහ  සඳහන් කළේය.

  • නිමල් ජයරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බස් ගාස්තු ඉහළට . . .

Fri Sep 1 , 2023
ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය. එම බස් ගාස්තු සංශෝධනය අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x