නෞකාවල තෙල් කාන්දුවීම් බලන්න ප්‍රංශ සහය . . .

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මෙරට මුහුදු සීමාවට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීම් සිදුවන්නේ දැයි නිරීක්ෂණය කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමකට අද (12) අත්සන් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ප්‍රංශ රජය එම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සමයේ මෙරට මුහුදු තීරයට පැමිණෙන නෞකාවලින් තෙල් කාන්දුවීමේ සිදුවීම් වාර්තා වූ අතර ඉන් මෙරට සමුද්‍ර ජීවින්ට සහ සමුද්‍ර පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වුණි.

ඒ හේතුවෙන් මෙම තත්ත්වයන් නිරික්ෂණය කිරීමට අදාළව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුකෙරුණා.

  • Hashini

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වනජීවියේ සිටි කළු වඳුරු පැටවු සොරකම් කරලා . . .

Tue Sep 12 , 2023
බෙල්ලන්විල අත්තිඩිය  වන ජීවී පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කළු වඳුරු පැටව් සිවුදෙනකු  සොරාගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය කියයි. එම මධ්‍යස්ථානයේ වනජීවී අඩවි සහකාර මාධව මිහිර කුඹුකගේ  එම පැමිණිල්ල සිදුකර ඇත. ඉකුත් සෙනසුරාදා අළුයම 03:30 අතර කාලයේදී මෙම සොරකම සිදුකර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x