වෙළෙඳ කුටියේ පීත්ත පටියට ලක්ෂ 10ක් . . .

සෞදි අරාබියේ පැවැති වෙළෙඳ ප්‍රදර්ශනයකදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ කුටියක් විවෘත කිරීමේ අවස්ථාවට රිබන්, කතුරු, ඉටිපන්දම් හා බන්දේසියක් මිලදී ගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වැය කර ඇතැයි නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාර්තාවේ දැක්වෙන පරිදි මෙම වෙළෙඳ ප්‍රදර්ශනය 2022 වසරේ මැයි 09 සිට 12 වැනිදා දක්වා පවත්වා ඇති අතර එහි වියදම් සඳහා 2021 වසරේ දෙසැම්බර්වලදී රුපියල් කෝටි නවයක් අනුමත කර ඇතත් 2022 වසරේ මාර්තු 29 වැනිදා ඒ වෙනුවෙන් රුපියල් කෝටි දොළහකට අධික මුදලක් වෙන්කර ඇත.

මෙම මුදල මුලින් වෙන්කර ඇත්තේ වර්ග මීටර 250ක ඉඩ ප්‍රමාණයක් වෙනුවෙන් වුවද පසුව ආර්ථික අපහසුතා නිසා යැයි පවසමින් එය වර්ග මීටර 150 දක්වා අඩුකර තිබේ.

එසේ ඉඩ අඩු කළද එයින් මූලික පිරිවැය අඩු වීම වෙනුවට තවත් රුපියල් 5,823,000ක් වැඩිපුර වැය වී ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.

  • මුදිතා දයානන්ද
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන පිරවුම්හලක් අත්හිටුවයි . . .

Wed Sep 13 , 2023
මුල්ලේරියාව, අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල ආසන්නයේ ඉදිකළ නව ඉන්ධන පිරවුම්හල නීතියට පටහැනි වීම නිසා එහි කටයුතු අත්හිටුවන ලෙස  අභියාචනාධිකරණය නියෝග කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පැවසීය. අඹතලේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් පැරණ ඉන්ධන පිරවුම්හලත් එම නව ඉන්ධන පිරවුම්හලත් අතර මීටර 400 ක පමණක් දුරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x