ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට . . .

විවිධ තරාතිරම්වල දේශපාලඥයන්ට,පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ  රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට  ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි  බුද්ධි අංශ රජයට බාරදී ඇති  වාර්තාවක සඳහන් වේ.

මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත.

සමහර ප්‍රධානීන් තමන්ගේ  පෞද්ගලික වාහන  තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී  කුලිය ලබා ගන්නා අතරේම   ඒවා නිල රථ ලෙසද  පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.

ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට  බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත. පවුල්වල සාමාජිකයන්ගේ  ගමන් බිමන් සඳහා එම ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබීමත් ප්‍රධානීන්ට රජයෙන්  දෙන ඉන්ධන පාවිච්චි කිරීමත් හේතුවෙන්  මෙම පාඩුව දෙගුණ තෙගුණ වන බව  බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

මෙම බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුවී  ඇත.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හොර සහතික දුන් පොලිස් කොස්තාපල් . . .

Sat Sep 16 , 2023
ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පොලිස් සේවයට බැඳුණු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 15ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. මහවිලච්චිය පොලිසියට අනුයුක්තව සේවය කළ ආධුනික පොලිස් කොස්තාපල් රියදුරකු මෙලෙස ඇප මත මුදාහැර ඇත. 2012 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x