කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක්

අද පෙරවරු 8.30 වන විට කාලගුණයේ සිදුවන වෙනස

ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු ඒ ආශ්‍රිත මුහුදු ප්‍රදේශය සඳහා කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (08) පෙරවරු 8.30 පමණ වන විට එම කලාපයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වන බව එම නිවේදනයේ සඳහන් වේ.

ඉදිරි පැය කිහිපය තුළදී වයඹ දෙසට ගිනිකොණ දිගේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය තුළදී ගිනිකොණ දිගේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී අභ්‍යන්තර අවපාතයක් දක්වා වර්ධනය වී මැයි 8 වන දින දක්වා නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය නැවත දැනුම් දෙන තුරු උතුරු අක්ෂාංශ 7 – 16 අතර සහ නැගෙනහිර දේශාංශ 85 – 95 අතර මායිම්වන මුහුදු ප්‍රදේශය සහ සමකයත් උතුරු අක්ෂාංශ 4 නැගෙනහිර දේශාංශ 80 – 95 අතර මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස ධීවරයින්ට සහ නාවිකයින්ට දැනුම් දෙයි.

දැනට එම මුහුදු ප්‍රදේශ ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.

 

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් appeared first on Aruna.

Next Post

පුටින් පරාජය බාරගන්න සූදානම් නෑ

Sun May 8 , 2022
රුසියන් යුක්රේන යුද්ධයේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පරාජය බාර ගැනීමට සූදානම් නොවන බව, ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානී බිල් බර්න්ස් පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.