ඉන්ධන අර්බුදය යලිත් උග්‍ර වෙයි . . .

ඉන්ධන තොග නොලැබීම නිසා කොළඹ සහ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් රැසක් තාවකාලිකව වසා දමා තිබේ. දින දෙකක පමණ සිට නැවත වරක් ඉන්ධන පිරවුම්හල් අසළ රථවාහන පෝලිම් නිර්මාණය වී ඇත. මේ අතර මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ සඳහාත් ඩීසල් නොමැතිවීමෙන් ලංගම ඩිපෝ අසළ එම බස් රථ දිගු පෝලිම් දක්නට ලැබේ. විශේෂයෙන්ම ඩීසල් ලබා ගැනීම සඳහා මෙසේ පෝලිම් නිර්මාණය වී ඇත.

මේ වාතාවරණය යටතේ බස්රථ ධාවනය සීමා වීමෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මගීන් සහ පාසල් සිසුන් අපහසුතාවයට පත්වුණි.

මේ අතර ඉන්ධන පෝලිම් අවම කිරීමේ අරමුණෙන් හඳුන්වා දුන් ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමවේදය, පවතින ඉන්ධන අර්බුදයට නිශ්චිත විසදුමක් නොවන බව විෂය භාර ඇමති කංචන විජේසේකර පවසයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියට වැටුප් ගෙවීමට බැරිවේ . . .

Fri Aug 26 , 2022
පොලිස් නිලධාරීන්ට වැටුප් ගෙවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී සිදුව ඇති ගැටළුකාරී තත්වය හමුවේය. ඒ අනුව එම පොලිස්ථානයේ ඇතැම් නිලධාරීන්ට වැටුප නියමිත ගණනට වඩා අඩුවෙන් ගෙවීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොගෙවීමත් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x