මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ෂෙල් – ආර්එම් පාක්ස් ඉන්ධන සමාගම ආනයනය කරන පළමු ඉන්ධන නැව ලබන 19 වැනිදා කොළඹ වරායට ළගාවීමට නියමිතව තිබේ. ආර්.එම්. පාර්ක්ස් සහ ෂෙල් එක්ව මෙරට තුළ ඉන්ධන පිරවුම්හල් 200ක් ආරම්භ කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් රජය ඉන්ධන පෙරහුම්හල් 150ක් වෙන්කොට තිබේ. නව පිරවුම්හල් ආරම්භ කිරීමට […]

මෙරට තුළ ඉන්ධන ව්‍යාපාර කිරීම සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් වන “යුනයිටඩ් පෙට්‍රෝලියම්” සමාගමට අවසර ලැබී තිබේ. එම සමාගම  ‘යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ලිමිටඩ්’ ලෙස මෙරට ලියාපදිංචි කර තිබේ. ඉන්ධන වෙළඳාම සම්බන්ධයෙන් එම සමාගම සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය අතර ගිවිසුම පසුගිය 22 වැනිදා අස්සන් කළේය. මෙරට ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 150 ක් […]

ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන්ම ‘වැට්’ බදු ගෙවීමට පිරවුම්හල් හිමියන්ට සිදුව ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි. ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලැබෙන සියයට තුනකටත් (3%) වඩා අඩු කොමිස් මුදලින් අදාළ වැට් බදු ද ගෙවා […]

පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වන එක්සත් ජනපදයේ RM Parks Inc. සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹ තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මේ බව සඳහන් කර ඇත. Shell නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ අලෙවි කිරීම සඳහා මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව, RM Parks Inc. සහ […]

ලබන වසරේ සිට දෛනිකව ඉන්ධන මිල වෙනස්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය සමග පැවති හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ. අමාත්‍යාංශයේ පැවති මෙම […]

මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති. ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට ආණ්ඩුව ඒකඟ වී ඇති අතර ඒවා පැවරීම සඳහා සකස් කර ඇති […]

  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ, ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි. අමාත්‍යවරයා අනාවරණ කළේ, ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 […]

කිව්.ආර්. කේතය රහිතව ඉන්ධන නිකුත් කර ඇති දකුණු පළාතේ ඉන්ධන පිරවුම්හල් තිහකට වැඩි ප්‍රමාණයකට ඉන්ධන සැපයීම අත්හිටුවීමට ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා. කිව්.ආර්. ක්‍රමවේදයට පටහැනිව ඉන්ධන නිකුත් කර ඇති පිරවුම්හල් පිළිබඳව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇති […]

  මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදුකරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස් ලබා දී තිබෙනවා. විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පැවසූ අතර අතිකාල වියදම් අඩුකිරීමේ අරමුණ සහිතව පසුගිය මාස 4ක […]

මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ සයිනොපෙක් (Sinopec) සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (22) සිදුවිය. එහිදී දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට සයිනොපෙක් කටයුතු කරනු ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.