ෂෙඩ් හිමියන්ට තෙල්වලටත් වැට් ගෙවන්න වෙලා . . .

ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන සෑම පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන්ම ‘වැට්’ බදු ගෙවීමට පිරවුම්හල් හිමියන්ට සිදුව ඇතැයි ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඒ හේතුවෙන් සියලුම පිරවුම්හල් දැඩි අර්බුදයකට පත්ව ඇති බව එම සංගමය පෙන්වා දෙයි.

ඉන්ධන පිරවුම්හල්හිමියන්ට ලැබෙන සියයට තුනකටත් (3%) වඩා අඩු කොමිස් මුදලින් අදාළ වැට් බදු ද ගෙවා වැට් පනතට අනුකුලව බිල්පත් නිකුත්කිරීම, සැකසීම සහ මාසික වාර්තා ඉදිපත් කිරීමට අපහසු බව එම සංගමය සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාගෙන්, එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ඛනිජ තෙල් රාජ්‍ය ඇමැති ඩී.වී චානකගෙන් ද මෙම අර්බුදය විසඳීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇතත් ඊට සාධනීය පිළිතුරක් ලැබී නොමැති බව බෙදුම්කරුවෝ පවසති.

මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්ව සිටින ‘සයිනොපෙක්’ සහ ‘ඉන්දියන් ඔයිල්’ සමාගමට අයත් ඉන්ධනහල්වලට ණය පදනම මත ඉන්ධන දෙන බවත් අමතර වට්ටම් ඇතුළු බොහෝ පහසුකම් හිමිව ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

එහෙත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ‘සිපෙට්කො’ ඉන්ධනහල් හිමියන්ට අත්පිට මුදලට ඉන්ධන ලබාගෙන වැට් බද්ද ද ගෙවා අනිකුත් සියලුම කාර්යන් ඉටුකිරීමේ හැකියාවක් නොමැති බවයි.

  • අශිකා ජයවීර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ස්ටෙන්ට් හිඟයෙන් හෘද රෝගීන් අමාරුවේ . . .

Tue Jan 16 , 2024
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.  ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළිය. සෞඛ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x