ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කරයි . . .

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ, ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

අමාත්‍යවරයා අනාවරණ කළේ, ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් ඔක්ටේන් 92 පෙට්‍රල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව ඇති අතර පිරවුම්හල් 61 ක් ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට පවත්වාගෙන යාමට අපොහොසත් වී ඇති බවයි.

අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීම් කර ඇත්තේ, අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙසයි.

මාතර පැවති බලමණ්ඩල රැස්වීමකදී අමාත්‍යවරයා ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අද මෙලෙස අදහස් පළ කළේය.

“අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කරලා ඊළඟ මාස දෙක ඇතුළේ සම්පූර්ණයෙන්ම කෝටා ක්‍රමය අවසන් කරන්න පුළුවන් ද කියන තීන්දුව ගන්න. හැම මාසයේම මිල සංශෝධනයක් වෙනවා. ඉදිරි සතියේ පළමු සතිය ඇතුළේ අපි ඉන්ධන මිල සංශෝධනය කරනවා.

මිල සංශෝධනය කරන එකට ඉන්ධන පිරවුම්හල් තියෙනවා කිහිපයක් හැමදාම ඉන්ධන තොග තියාගන්නේ නැතුව ඉන්නවා. සමහරු ඇනවුම් කරන්නේ නෑ. මම ඊයේ බැලුවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලංකාවේ තියෙන ඉන්ධන පිරවුම්හල් 1,200න් පිරවුම්හල් 101ක් පෙට්‍රල් තොග තියා ගන්න ඕනේ ප්‍රමාණය තියාගන්නේ නෑ.

ඉන්ධන පිරවුම්හල් 62ක් අද උදේ බලද්දි ඩීසල් ප්‍රමාණවත් තොග තියාගෙන නෑ. අපි පහුගිය මාසයේ ඉන්ධන පිරවුම්හල් 4ක් අපි පවරා ගත්තා. තොග තියාගෙන යන්නේ නැති නිසා. මම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කිව්වා ඇනවුම් කරලා තොග පවත්වාගෙන යන්නේ නැතුව ජනතාව අපහසුතාවට පත් කළොත් කවුරු වුණත් කමක් නෑ පිරවුම්හල පවරා ගන්න.”

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෝටර් රථ 4,000ක් ගිනි ගනී . . .

Mon Jul 31 , 2023
අලුත්ම මෝටර් රථ 4,000ක් සමග නෙදර්ලන්ත මුහුදු සීමාවේ ගිනිගනිමින් ඇති යාත්‍රාව වෙනත් ස්ථානයකට ඇදගෙන යෑමට කටයුතු කරන බව එරට බලධාරීන් පවසයි. එහි අරමුණ වන්නේ එම නැව, නාවික ගමන් මාර්ගයෙන් ඉවතට ගෙනයෑම සහ එය බේරාගත හැකිදැයි සොයාබැලීම බව සඳහන් වෙයි. ඒ අනුව එම නැව Ameland සහ Schiermonnikoog යන දූපතෙන් කිලෝ මීටර් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x