මෝටර් රථ 4,000ක් ගිනි ගනී . . .

අලුත්ම මෝටර් රථ 4,000ක් සමග නෙදර්ලන්ත මුහුදු සීමාවේ ගිනිගනිමින් ඇති යාත්‍රාව වෙනත් ස්ථානයකට ඇදගෙන යෑමට කටයුතු කරන බව එරට බලධාරීන් පවසයි.

එහි අරමුණ වන්නේ එම නැව, නාවික ගමන් මාර්ගයෙන් ඉවතට ගෙනයෑම සහ එය බේරාගත හැකිදැයි සොයාබැලීම බව සඳහන් වෙයි.

ඒ අනුව එම නැව Ameland සහ Schiermonnikoog යන දූපතෙන් කිලෝ මීටර් 16ක් පමණ ඈතකට ඇදගෙන යාමට නියමිතය.

නැව තුළ ගින්න හට ගන්නා අවස්ථාවේදී එය ජර්මනියේ සිට ඊජිප්තුව දක්වා ගමන් කරමින් තිබුණි.

පැනමාවේ ලියාපදිංචි එම නෞකාවේ ඉන්දීය ජාතිකයින් 21 දෙනෙක් සේවයේ යොදවා සිටි බවත් අනතුර හේතුවෙන් එක් අයෙක් මියගොස් ඇති බවත් වාර්තා විය.

ජපානයේ Shoei Kisen නම් සමාගම එම නෞකාවේ හිමිකරු ය.

නෞකාවේ මෝටර් රථ 3,783ක් ප්‍රවාහනය කරමින් තිබෙන බවත් ඉන් 498ක් බැටරි සහිත විද්‍යුත් මෝටර් රථ බවත් සඳහන් ය.

මුලින් වාර්තා වූයේ නෞකාවේ තිබුණේ විද්‍යුත් මෝටර් රථ 25ක් පමණක් බවය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳ පරීක්ෂණයක් . . .

Mon Jul 31 , 2023
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වෙයි.   ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව ද එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එය අනුමත කළ නොහැකි හෙයින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x