පොලිසියට වැටුප් ගෙවීමට බැරිවේ . . .

පොලිස් නිලධාරීන්ට වැටුප් ගෙවීම අර්බුදකාරී තත්වයකට පත්ව ඇතැයි අනාවරණය වේ. මේ බව අනාවරණය වන්නේ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී සිදුව ඇති ගැටළුකාරී තත්වය හමුවේය. ඒ අනුව එම පොලිස්ථානයේ ඇතැම් නිලධාරීන්ට වැටුප නියමිත ගණනට වඩා අඩුවෙන් ගෙවීමත් තවත් පිරිසකට කිසිදු වැටුපක් නොගෙවීමත් හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම නිලධාරීන් ඊයේ (25) දින එම නිලධාරීන් සඳහා වූ වැටුප් බැංකු ගත කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව පරීක්ෂා කර තිබේ. වැටුප් ලද පිරිසෙන් බොහෝ පිරිසකට ලැබී ඇත්තේ 2021 ජනවාරි මස දී ඔවුන් ලබාගත් වැටුප බවත් පෙබරවාරි මස සිට මේ දක්වා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ රාජකාරි සඳහා පැමිණි පොලිස් නිලධාරීන්ට කිසිදු වැටුපක් බැංකු ගත වී නැති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

නුගේගොඩ පොලිස් අධිකාරී බල ප්‍රදේශයට අයත් මිරිහාන, මහරගම, කඩුවෙල, හෝමාගම, හංවැල්ල, මීගොඩ, වැල්ලම්පිටිය, අතුරුගිරිය, මාලඹේ, බොරලැස්ගමුව, නවගමුව, තලන්ගම, මුල්ලේරියාව, මාලබේ, කොට්ටාව, වැලිකඩ හා පාදුක්ක යන පොලිස් ස්ථාන 17ක නිලධාරීන් දහස් ගණනක් මෙන්ම විශේෂ අංශවල සේවය කරන නිලධාරීන්ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සහල් මිල දෙගුණ වන ලකුණු . . .

Sat Aug 27 , 2022
වී අලෙවි මණ්ඩලය විසින් වැඩි මිලට වී මිලදී ගතහොත් සහල් මිල දෙගුණ වනු ඇති බව සහල් මෝල් හිමියන් විසින් සඳහන් කළහ. කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවක දී සහල් මෝල් හිමියන් මේ බව අමාත්‍යවරයාට සඳහන් කරන ලදී. කුඩා පරිමාණ මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ හාල් මෝල් හිමියන් සහ අමාත්‍යවරයා අතර මෙම සාකච්ඡාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x