මුර­ලිට ඉන්දි­යා­වෙන් ගෞරව සම්මා­න­යක් . . .

ඉන්දි­යාවේ සුප්‍ර­කට ස්පෝර්ට්ස්ටාර් සඟ­රාවේ වාර්ෂික සම්මාන උලෙ­ළේදී මුත්ත­යියා මුර­ලි­ද­රන් ‘ක්‍රිකට් පිටියේ ජාත්‍ය­න්තර ලකුණ’ ලෙස ගෞරව සම්මා­න­යට පාත්‍ර විය. ටෙස්ට් පිටියේ කඩුලු 800 සම්පූර්ණ කළ පළමු හා එකම පන්දු යවන්නා වන මුර­ලි­ද­රන් පසු­ගි­යදා පැවති එම සම්මාන උලෙ­ළේදී ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගව­ස්කර් අතින් සම්මා­නය ලබා ගත්තේය.

ස්පෝර්ට්ස්ටාර් වාර්ෂික සම්මාන උලෙළේ පළ­මු­ව­රට පිරි­න­මනු ලැබූ එම සම්මා­න­යට මුර­ලි­ද­රන් තරම් සුදුසු තවත් ක්‍රීඩ­ක­යකු නැතැයි සම්මාන උලෙළේ සංවි­ධා­ය­ක­ව­රුන් වන ‘හින්දු’ පුව­ත්පත් ජාලය නිවේ­ද­නය කර තිබේ.

මෙහිදී අද­හස් පළ කළ මුර­ලි­ද­රන් කියා සිටියේ ඔහු දුටු පළමු ජාත්‍ය­න්තර තර­ග­යේදී සුනිල් ගව­ස්කර් සහ කපිල් දේව් ක්‍රීඩා කළ බවය. ගැටලු රැස­කට මුහුණ දුන් රට­කට ක්‍රිකට් ක්‍රීඩාව කොත­රම් වටි­න්නේ­දැයි පැහැ­දිලි කර­මින් මුර­ලි­ද­රන් වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත්තේ සියලු තරුණ කොට­ස්ව­ලට එක හා සමාන සතු­ටක් ගෙන දුන්නේ ක්‍රිකට් ක්‍රීඩාව පම­ණක් බවය. ක්‍රිකට් ක්‍රීඩාව රටේ වෙනත් ගැටලු සියල්ල මොහො­ත­කින් අම­තක කර දැමී­මට තරම් ප්‍රබල බවත් ඔහු කියා සිටි­යේය.

  • ෆවුස් මොහො­මඩ්
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැංකුවට සින්නවූ සුපිරි රෝහල විකුණන්න අවසර . . .

Sat Feb 24 , 2024
රුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය නොගෙවීම නිසා සින්න වු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් නිකුත් කර තිබු තහනම් නියෝගය කොළඹ වානිජ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ ඉවත් කළේය. මෙම ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විකිණීම වළකාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති ආකාරය ගැටළු සහගත බව පෙන්වා දෙමින් නීතීඥ ප්‍රියන්ත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x