බදු ගොනු විවෘත කිරීමේ තීරණය කල් යයි . . .

ලබන වසරේ ජනවාරි පළමු වැනි දා සිට අවස්ථා කිහිපයක දී බදු ගොනුවක් විවෘත කිරීම අනිවාර්ය කිරිමට ගෙන තිබූ තීරණය කල් දැමීමට පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

වාහන ලියාපදිංචි කිරීමේ දී ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීම ජනවාරි පළමු වැනි දා සිට අනිවාර්ය වන බවට මුදල් අමාත්‍යාංශය මීට පෙර දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් බදු ගොනු විවෘත කිරිමේ ක්‍රියාවලියට මහජනතාව ලියාපදිංචී වීමේ ප්‍රමාදයක් සිදු ව ඇති අතර, ඊට තවත් කාලයක් ලබාදීමේ අරමුණින් අදාළ තීරණය ක්‍රියාත්මක කිරිම මසකින් පමණ කල්දැමීමට පියවර ගත් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බස් ගාස්තුව වැඩි කිරීමට සූදානමක් . . .

Sat Dec 30 , 2023
වැට් බදු ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අන්ජන ප්‍රියන්ජිත් පැවසුවේ, වැට් බදු ඉහළ යාම හමුවේ අවම බස් ගාස්තුව රුපියල් 35 ක් දක්වා ඉහළ යායුතුව ඇති බවයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x