උපකාරක පන්ති ගුරා මහේස්ත්‍රාත්ට ලේසරයක් අල්ලලා . . .

කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය නඩු කටයුත්තක් මෙහෙයවමින් සිටියදී මහේස්ත්‍රාත්වරිය ⁣දෙසට ලේසර් කිරණයක් එල්ල කල බව කියන උපකාරක පන්ති ගුරුවරයකු ලබන 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (15) දින නියෝග කළාය.

කෝට්ටේ කොටුබැම්ම පාර පලමු පටුමග පදිංචිකරුවකු වන බෝපිටිය විදාන ගමගේ චතුෂ්ක ජනිත් ඩයස් නමැති උපකාරක පන්ති ගුරුවරයකු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කළේය.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් දිලූපා ප්‍රියදර්ශනී මහත්මිය කඩුවෙල පොලිස් ස්ථානාධිපතිවරයාට සිදු කල පැමිණිල්ලක් මත අධිකරණයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිළධාරීන් විසින් අධිකරණය තුළ සෝදිසියට ලක්කර සැකකරු අත් අඩංගුවට ගත්තේය.

සැකකරුගේ  මානසික ආබාදයකින් පෙලෙන බව ඔහුගේ  මාපියන් දැනුම් දුන් බව සැකකරු වෙනුවෙන් පනී සිටි නීතිඥ අශෝක විරසූරිය අධිකරණය හමුවේ කියා සිටියේය.

එබැවින් සැකකරෙු මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට හැකි බැවින් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් සිදු කරන ලදී.

මෙහිදී කඩුවෙල පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නිළධාරීන් සැකකරුට ඇප ලබා දීමට විරුද්දත්වය පල කළේය.

දෙපර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය සැකකරු මෙම මස 27 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළේය.

සැකකරු ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනය වෙත ඉදිරිපත් කර අධිකරණ මානසික වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසත් සැකකරුගේ දුරකතන දත්ත වාර්තා පරීක්ෂා කර බලා එම වාර්තා ද අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.

  • කේ බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ වරාය නගරයේ අවන්හල් ඉවතට . . .

Sat Sep 16 , 2023
කොළඹ වරාය නගරයේ සියලු අවන්හල් 2027 වසරේ මාර්තු වනවිට ඉවත් කරන බව කොළඹ වරාය නගර ආර්ථික කොමිසම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දුන්නේය. කොළඹ වරාය නගරයේ  අවන්හල් සියල්ල කොළඹ වරාය නගර ආර්ථිකයට අනුබද්ධිත විනෝදාස්වාදී ක්‍රියාකාරකම් යටතේ පවත්වාගෙන යනු ලබන්නේය. කොළඹ වරාය නගරය ප්‍රධාන වශයෙන් විදේශ ආයෝජන ඉලක්ක කර නිර්මාණය කර තිබියදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x