රස පරීක්ෂක වාර්තා රැසක් අතරමගදී අතුරුදන් . . .

ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවිය වෙත යොමු කරනු ලබන ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලේදී නැතිවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යුක්තිගරුක හා නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ලියාපදිංචි තැපෑලෙන් අදාළ උසාවි වෙත යොමුකරනු ලබයි. එසේ යොමු කරනු ලබන බොහෝ වාර්තා නැවත ඉදිරිපත් කරන ලෙස උසාවි මගින් ඉල්ලා සිටින අතර එම වාර්තා නොලැබුණු බවට උසාවි මගින් හේතු වශයෙන් සඳහන් කරන බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

එම නිසා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම සුදුසු බවට කමිටුව විසින් නිරීක්ෂණය කොට තිබිණි.

රස පරීක්ෂක වාර්තා නැවත ලබා දීම සඳහා යම් කාලයක් ගතවන බැවින් අදාළ නඩු කටයුතු ප්‍රමාදවන අතර ඉන් අගතියට පත් පාර්ශවයන්ට බලවත් අසාධාරණයක් වන බව ද ආංශික කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරීක්ෂකගේ වාර්තා ප්‍රමාදවීම සඳහා රසායනික ද්‍රව්‍ය, අනෙකුත් ද්‍රව්‍ය, මෙන්ම යන්ත්‍රසූත්‍ර හා අමතර කොටස්වල හිඟතාවයක් පවතින බවට මෙකී වාර්තාවේ සඳහන් වේ. එමෙන් ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තනතුරු 113ක් පුරප්පාඩුව පවතින අතර එම තනතුරු 25ක් විද්‍යාත්මක සේවයේ බවත් රස පරීක්ෂකගේ වාර්තා ප්‍රමාදවීම සඳහා මෙම තත්ත්වය ද හේතුවී ඇති බව ත් කියති.

එමෙන් ම, ඇතැම් පොලිස් නිලධාරීන් විසින් නීතියට පටහැනිව සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාප හේතුවෙන් බන්ධනාගාර, අධිකරණ, ආණ්ඩුවේ රස පරීක්ෂක යන ආයතනවල නිලධාරීන් මෙන්ම සාමාන්‍ය මහජනතාව ද බලවත් අසාධාරණයට ලක්වන බව ද මෙම කමිටුව මගින් ඉදිරිපත්කොට ඇති වාර්තාවේ සඳහන් වේ.

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත් කොට තිබිණි.

  • ලලිත් චාමින්ද
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජකාරී දීමනා වැඩිකිරීමක් . . .

Sat Sep 16 , 2023
ග්‍රාම නිලධාරීන්ගේ දීමනා වැඩි කිරීම සම්බන්ධව සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ. අද (16) කොළඹ පැවති සමුළුවක දී ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මේ බව පැවසීය. දෙදිනක් පුරා පැවැත්වෙන දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ එම සමුළුවේ දී ග්‍රාම නිලධාරීන්ගේ පවතින ගැටලු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එහි දී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x