අලිසබ්‍රිට පාර්ලිමේන්තු තහනමක් . . .

පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මතවිය.

ඒ, රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට් ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවීම හේතුවෙනි.

ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත අද (06) දින සිට මාසයක කාලයක් සඳහා එම අත්හිටුවීම ක්‍රියාත්මක වේ.

මීට අමතරව මෙවැනි ක්‍රියා මින් ඉදිරියට සිදුනොකරන ලෙසට ද කථානායකවරයා විසින් තරවටු කර සිටියේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩොලරය පල්ලම් බහී . . .

Wed Mar 6 , 2024
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (06) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 302.97ක් ලෙසත් විකුණුම් මිල රු. 312.60 ක් ලෙසත් සටහන් වී තිබේ. අදි දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x