හරක්කටාට උදව් කළ පී.සි. පැන ගිය මොටර් රථය අල්ලයි . . .

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමේ සැලසුම් අසාර්ථක වූ අවස්ථාවේදී එයින් පලා ගිය කොස්තාපල්වරයා සුඛෝපභෝගී මෝටර් රථයකිනින් රැගෙන ගිය බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග ස කොස්තාපල්වරයා රැගෙන ගිය බව කියන සුඛෝපභෝගී මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා විදේශගතව සිටින මිදිගම රුවන් නමැත්තා ගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.

ඉකුත් 10 වැනිදින හරක් කටා නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා සූදානම් වු අවස්ථාවේදී පලා ගිය සැකකාර කොස්තාපල්වරයා ඔවුන්ට මත් මිශ්‍ර කිරි ටොෆි සහ තේ ලබාදී නින්ද යාමෙන් අනතුරුව උපක්‍රමශීලීව හරක් කටාව වැසිකිළියට රැගෙන ගොස් ඔහුගේ අත් මංචු බුරුල් කර තිබිණි. අනතුරුව හරක් කටා නැමැත්තා විශේෂ කාර‍ය් බළකාය සෙබළකුගේ ගිනි අවිය උදුරාගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී දැඩි පරිශ්‍රමයක් දරා සෙසු නිලධාරීන් ගෙන් සහයෙන් එය වළක්වා තිබිණි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දේශපාලනඥයන් රැසක් යළි ගිනිඅවි භාරදී නෑ . . .

Sat Sep 23 , 2023
අසූව දශකයේ බලයේ සිටි එහෙත් මේ වනවිට කිසිදු මහජන නියෝජිතත්වයක් නොදරන හිටපු දේශපාලනඥයන් පිරිසක් ඒ කාලයේ ලබා ගත් ගිනි අවි මෙතෙක් නැවත භාරදී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙසේ නැවත භාර නොදුන් ගිනි අවි ගණන හයසිය අනූ අටකි. බෝර දොළහේ බහුවාර පතරොම් තුවක්කු හයසිය පනස් හයක්, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x