ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට . . .

උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි.

ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ගින්නට හසුවූයේ ශාලාව තුළ සිරවුණු පිරිස් යැයි මාධ්‍ය පවසයි. ගින්න හටගත්තේ ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණය. එම අවස්ථාවේ, මංගල උත්සවයට පැමිණි පිරිස් කා බී විනෝද වෙමින් සිටි බව පැවැසෙයි.

තුවාලකරුවන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මංගල උත්සව ශාලාවේ සිදුවුණු ඛේදවාචකය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී ඉරාක අභ්‍යන්තර කටයුතු සහ සෞඛ්‍ය සේවා අමත්‍යාංශ බලධාරීන්ට දැනුම් දී ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ අනවසර පදිංචිකරුවන්ට මහල් නිවාස . . .

Thu Sep 28 , 2023
කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x