හොරෙන්ම හොරකමේ ගිය කෝටිපතියා . . .

සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව ගොඩගම කෝටිපති ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස සොරකම් කර ඇත්තේ ලිහිසි තෙල් කෑන් එකක් වන අතර ඔහු මීගොඩ බටවල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන කෝටිපති ව්‍යාපාරිකයෙක් ය.

අදාළ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේ පිහිටි වාහන සේවා සපයන ආයතනයකින් රුපියල් 12,000ක් වටිනා ලිහිසි තෙල් කෑන් එකක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුවයි.

මේ වන විට ඔහු විසින් ලිහිසි තෙල් කෑන් එක සොරකම් කර රැගෙන ගිය බවට පැවසෙන සුඛෝපභෝගී රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම වාහන සේවා සපයන ආයතනයේ ඔහුට සහය ලබා දී ඇති සේවකයෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

මීට පෙරද මේ අයුරින් අදාළ ව්‍යාපාරිකයා ලිහිසි තෙල් කෑන් සොරකම් කර ඇති බව වාහන සේවා සපයන ආයතනයේ හිමිකරු පොලීසියට පවසා ඇත.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයා සහ සුඛෝපභෝගී රථය හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

  • Krishani

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අම්මට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්න . . .

Tue Oct 3 , 2023
හේමා ප්‍රේමදාස මදුරු කොයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය. රට හදන්න කතා කරන්න පෙර වැදූ මවට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්නැයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙන් ඉල්ලා සිටින බවද අලුත්ගමගේ කීය. හේමා ප්‍රේමදාස 2023.9.20 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x