පරිභෝජනයට නුසුදුසු බයිට් හැදූ ආයතනයක් වහන්න නියෝග . . .

මිනිස් පරිභෝජනයට නුසුදුසු මුරුක්කු සහ බයිට් වර්ග නිෂ්පාදනය කරන බවට චෝදනා ලැබ තිබූ කටාන, දෙමංහන්දිය ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන ආයතනයක් වසා දමන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ස්ශිමා ප්‍රේමරත්න ඊයේ (05 වැනිදා) නියෝග කළාය.

මෙලෙස නියෝග කරනු ලැබුවේ අදාළ ආයතනය පවත්වාගෙන ගිය අංක 275, කොන්දගම්මුල්ල දෙමංහන්දිය පදිංචි ගැමුණු ශානක නමැත්තකුටය.

මෙම ස්ථානයෙහි කලක සිට සෞඛ්‍ය නීති අනුගමනය නොකර, පරිභෝජනයට නුසුදුසු ලෙස මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන යන බවට කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කිහිපයක් ලැබී ඇත.

අනතුරුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි. රත්නායකගේ උපදෙස් මත දෙමංහන්දිය මහජන සෞඛ්‍ය පරීක්ෂක තනුජ් ඉමන්ත විසින් චෝදනා පහක් යටතේ මෙම චූදිතයාට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබිණි.

මීට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයාට මෙම නිෂ්පාදන නතර කරන ලෙස අධිකරණයෙන් නියම කර තිබුණ ද ඔහු එය නොතකා දිගටම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ. නඩුව කැඳවූ අවස්ථාවේ චූදිතයා වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම නියෝගය සිදු කරන ලදි.

  • රේමන් අපොන්සු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අකුරැස්සේ ප්‍රදේශයකට නැවත දැනුම්දෙන තුරු ඇතුළුවීම තහනම් . . .

Sat Oct 7 , 2023
නායයෑමට ලක් වූ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තැන්පිටහේන කන්ද ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු ඇතුළු වීම තහනම් කර තිබෙනවා. එම ප්‍රදේශය විශේෂඥ කණ්ඩායම්වල පරික්ෂාවට ද ලක් කෙරුණා. ඊයේ (06) පස්වරුව වනවිට කඳු පාමුල සිටි අවදානම් පවුල් සියල්ල එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. එම ප්‍රදේශයට මේ වන විට පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x