පිටකොටුව වෙළඳසැලේ ගින්නෙන් 15ක් රෝහලට . . .

පිටකොටුව දෙවන හරස් වීදියේ වෙළදසැලක අද (27) උදෑසන හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බවද වාර්තා වෙයි.

අද පෙරවරු 09.30ට පමණ දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවි සැලක මෙම ගින්න හටගෙන තිබුණි.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලන්කන් කොටස් ලබා දීමට ටෙන්ඩර් කැඳවයි . . .

Fri Oct 27 , 2023
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් ලබා දීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් කැඳවන බව වරාය හා නාවික ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා පවසනවා. ඒ සඳහා අවශ්‍ය ලිපි ගොනු සකස් කර අවසන් කර තිබෙන බව සඳහන්. අන්තර්ජාතික මෙන්ම දේශීය සමාගම් සඳහා ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් මිලදී ගැනීමට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x