බැංකුවේ ලක්ෂ 50 අහුලා බැංකුවටම දීලා . . .

මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු වන චන්දන උදයංග (38) ඊයේ (02) සවස කටයුතු කළේය.

එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් ලක්ෂ 50 ක් එසේ බිම වැටෙන්නට ඇති බවට සැක කෙරේ.

මෙම සත්කටයුත්ත කර ඇති චන්දන උදයංග  අහංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

බිම වැටී තිබු ලක්ෂ 50 ක මුදල් නෝට්ටු තොගයේ ඡායාරූපයක් ලබා ගෙන ඇති ඔහු පසුව එහි ආරක්ෂක නිලධාරියෙකුට ඒ බව දන්වා බැංකු නිලධාරියෙකු ද කැදවා ඔවුන්ට එය භාර දී තිබේ.

පසුව ඔහු තමන් පැමිණි කටයුත්ත වෙනුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරන පෝලිමේ සිටින විට එම සිද්ධිය ඈත සිට දුටු මාතර කඹුරුගමුව රථ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු වන අනිල් සුදුසිංහ ට සිදු වු දෙය පවසා ඇත.

ව්‍යාපාරික අනිල් සුදුසිංහ බැංකුවේ කලමණාකරු හදුනන අයෙකු වන බැවින් ඔහු චන්දන උදයංග ද කැදවා ගෙන කලමණාකරු හමු වීමට ගොස් තිබේ.

එම අවස්ථාවේ දී බැංකු කලමණාකරු එම සත් කටයුත්ත කල චන්දන උදයංග ගේ නම ගම ආදී විස්තර සටහන් කර ගෙන එවැනි ක්‍රියාවක් සිදු කිරීම ගැන ස්තූතිය පුද කර ඇත.

මෙවැනි මිනිසුන් සමාජයේ විරල බැවින් ඔහු ඇගයීමට ලක් කරන ලෙසට ව්‍යාපාරික අනිල් සුදුසිංහ ලිපියක් මගින් බැංකු කලමණාකරුගෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර ඇත.

මෙම සත් ක්‍රියාව සිදු කල චන්දන උදයංග  මෙසේ කීය.

“මම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ආවේ. යතුරු පැදිය නවත්වනවාත් සමගම මට දුරකතන ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින බැංකුව බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා දැක්කා. ඒ සමගම මම ජංගම දුරකනයෙන් එහි ඡායාරූපයක් ගත්තා. ඒ මගේ ආරක්ෂාවට. පසුව ආරක්ෂක නිලධාරියෙකුට දුර ඉදන් කතා කොට ගෙන්වා ගත්තා. පසුව එය බැංකු නිලධාරියෙකුට භාර දුන්නා. මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතෙකු මොකක්ද වුනේ කියා ඇහුවා.මම සිද්ධිය කීවාම. ඔහු මා කලමණාකරු ලගට එක්ක ගෙන ගියා. පසුව කලමණාකරු මට ස්තූතිය පුද කලා. මම ප්‍රෝන්ටෝ කූරියර් ආයතනයේ සහකාර කලමණාකරු ලෙස රැකියාව කරන්නේ. මම කල හොද ක්‍රියාව නිසා ව්‍යාපාරික මගේ ඡායාරූපයක් පවා ලබා ගත්තා. මම ඒත් කීවා මම හිත හොදින් කලේ. ප්‍රසිද්ධියක් ඕන නෑ කියලා.

  • ක්‍රිෂාන් ජීවක ජයරුක්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඡන්දය පෙනි පෙනී වැට් වැඩි කළේ සිතකින් නොවේ . . .

Fri Nov 3 , 2023
පසුගිය සඳුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේදී වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ඒ සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයන් ‍ෙදාස් කියන නමුත් රජය මෙම තීරණය නොගත්තේ නම් රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x