ඊයේ දිවයින පුරා විදුලිය බිදවැටීමට හේතුව හෙළිවෙයි . . .

දිවයින පුරා විදුලිය බිඳ වැටීමට හේතුව, කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයට වැදුණු අකුණක් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය විසින් මේ වන විට තහවුරු කර තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේ මුලු දිවයිනටම විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බවයි.

මෙලෙස ඊයේ විදුලිය බිඳ වැටීම නිසා රට පුරා පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත් වු බවයි දිවයින පුරා සිටින අප වාර්තාකරුවන් පැවසුවේ.

  • Aruna

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාර්ලිමේන්තුව විසුරුවීමේ සූදානමක් . . .

Sun Dec 10 , 2023
පාර්ලිමේන්තුවේ සිවුවන වාරය අවසාන කර නව සැසිවාරය ආරම්භ කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර, මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට පැවැත්වෙන අය-වැය විවාදය මෙම 13 වන දා අවසන් කෙරෙන අතර, ඉන්පසු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 9 වන දා පැවැත්වීමට නියමිතව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x