විපක්ෂ දේශපාලන කණ්ඩායම් විසින් වර්ජනය කරනු ලැබූ බංග්ලාදේශ මහ මැතිවරණයෙන්, අගමැතිනී සීක් හසීනා සහ ඇගේ අවාමි ලීගය දේශපාලන පක්ෂයට පහසු ජයක් හිමිවිය. අගමැතිනී සීක් හසීනාට ජය හිමිවූයේ පිටපිට සිවුවැනි වරටය. බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ ආසන 350 කි. එයින් ආසන 50 ක් කාන්තා නියෝජිතයන් සඳහා වෙන් කර තිබේ. ඊයේ (7) පැවැත්වුණු මහ මැතිවරණයට, […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සිදු කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සැක මතු කරයි. ඇය චෝදනා කරන්නේ මෙහෙයුමේදී තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු නොකරන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලඥයන් සිටිනා බව කවුරුත් දන්නා බවත් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ප්‍රබලව ක්‍රියාත්මක වන බවත් ඇය කියා […]

සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් කමිටුවක් පත්කළ බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසීය. ආගමික ඉගැන්වීම් විකෘති කරමින් සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැලැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කරන බව ද අමාත්‍යවරයා කීය. රටේ […]

ආනයනික වියළි මිරිස්වල ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මීට වසර හතරකට පෙර කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විරෝධය පළ කිරීම නිසා ඊට මෙතෙක් අනුමැතිය ලැබී නැත. මෙම තත්ත්වය යටතේ ආනයනික මිරිස් නිසි පරීක්ෂාවකට ලක් නොකෙරෙන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය. පසුගිය කාලය පුරාවටම […]

මේ දින වල එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවේන් යාපනය ප්‍රදේශයේ මුරුංගා කිලෝ 1ක සිල්ලර මිල රුපියල් 3000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්ථා වේ. තයිපොංගල් උත්සවය නිසා මුරුංගාවලට ඇති විශාල ඉල්ලුම මෙම අධික මිල ගණන් ඉහල යාමට හේතුව ලෙස වෙළදුන් සඳහන් කරයි. මුරුංගා කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 2500ක් […]

යුක්තිය මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත් වාහන සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය මගින් දේපල තහනමට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම. TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය […]

හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුවූ කාන්දුවකින් වායුවක් පරිසරයට මුසුවී තිබෙයි. කර්මාන්ත පුරයේ ඇති කර්මාන්ත ශාලාවල සේවකයින්ට මේ පිළිබඳ දැනුවත් කර ඇති බවත් සියලුදෙනා මුඛ ආවරණ පැලඳ සේවයේ නිරත වෙන ලෙසත් පොලීසිය දැනුම් දී තිබෙයි. පවතින දුම සහිත තත්ත්වය හේතුවෙන් මුඛ ආවරණ නිසි ලෙස පළඳින ලෙස ජනතාවට ද දැනුවත් කර […]

ඝාතනයට ලක් කෙරුණු සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන. 8) උදේ 9.00ට බොරැල්ල කනත්තේ පිහිටි ඒ මහතාගේ සුසානය අබියසදී පැවැත්වේ. මෙහිදී ලසන්ත වික්‍රමතුංග මහතා සිහි කරමින් සුසානය අසලදී දේව මෙහෙයක් පැවැත්වීමට සූදානම් කර තිබේ. 2009 ජනවාරි 8 වන දා රත්මලාන අත්තිඩියේදී නාඳුනන කල්ලියක් […]

රටේ තිබෙන දේශපාලන පක්ෂවලට පැවැත්මක් හෝ දැක්මක් නැහැ. එබැවින් ඉදිරියේදී එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යටතේ රට පවත්වාගෙන යෑමට කටයුතු කරන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ. “රට හදන මග යළි අරඹමු මිහින්තලාවෙන්” වැඩසටහන ආරම්භ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. මෙම වැඩසටහන සඳහා සිවිල් […]

දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා සහ එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.