මහින්තලා හිමි ජනාධිපතිවරණයට සූදානම් . . .

රටේ තිබෙන දේශපාලන පක්ෂවලට පැවැත්මක් හෝ දැක්මක් නැහැ. එබැවින් ඉදිරියේදී එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් යටතේ රට පවත්වාගෙන යෑමට කටයුතු කරන බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ කියා සිටියහ.

“රට හදන මග යළි අරඹමු මිහින්තලාවෙන්” වැඩසටහන ආරම්භ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ. මෙම වැඩසටහන සඳහා සිවිල් සංවිධාන රැසක සාමාජිකයන් මිහින්තලයට පැමිණ සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මරතන හිමි කියා සිටියේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට සේම ජනාධිපතිවරණයට ද සූදානම් බවයි.

“එක දේශපාලන පක්ෂයකින්, එක ලකුණකින් ලංකාව පුරා විවිධ වෘත්තිකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමක් සිදු කරන්නේ නැහැ. දේශපාලන පක්ෂ ගණනාවක් මේ වනවිටත් මා ඇතුළු පිරිසට පූජා කර තිබෙනවා. ජලය,විදුලිය සහ බදු යන සියලු කාරණාවලට අප ළඟ විසඳුම් තිබෙනවා. උද්ධච්ච දරදඬු පාලකයන්ට තවදුරටත් රැඳෙන්නට ඉඩදිය නොහැකියි. එම සියලු දෙනාම “ගෝ හෝම්“ නොව “ගෝ ජේල්“ විය යුතුයි. හොරකම් කළ දේශපාලකයන් සියලු දෙනාම සිරගත කරනවා. ඒවාගේම දේශපාලනඥයන් දේපොළ සොයාගත් ආකාරය රටට අනාවරණය කළයුතු“ යැයි ද උන්වහන්සේ පැවසූහ.

ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියන්වල සාසනරතන හිමියන් මෙහි දී කියා සිටියේ රට හැදීමේ මග මීට වසර 2332 කට පෙර මිහින්තලාවෙන් ආරම්භ කළා සේ එය නැවත ආරම්භ කරනු ලබන්නේ ද මිහින්තලාවෙන්ම බවය.

“මිහින්තලා ඓතිහාසික පුදබිමේ වැඩ අකර්මන්‍ය කිරීම පිළිබඳ දිගින් දිගටම සිවිල් සංවිධාන, උගත් බුද්ධිමත් වියතුන් සෑම කෙනෙක්ම පාහේ කතා බහට ලක්කරන කාරණාවක්. මිහින්තලේ පුදබිමේ ආරක්ෂාව පිළිබඳව අද ගැටලුකාරී තත්ත්වයක් මතුවෙලා. බුද්ධාගම ආරක්ෂා කිරීමේ වගකීම මෙරට පාලකයන්ට පැවරී තිබෙනවා. ඒත් රටේ පාලකයන් එය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව පේනවා. මිහින්තලා පුදබිම ආරක්ෂා කිරීමට නොහැකි තත්ත්වයට තක්කඩි බටහිර ගැති දේශපාලන සංස්කෘතිය පත්වෙලා. ජාතිකවාදී සිංහල බෞද්ධයාට පහර ගසමින් රට පාලනය කිරීමට කිසිසේත්ම නොහැකි “ යැයි ද උන්වහන්සේ පැවසූහ.

  • Aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලසන්ත වික්‍රමතුංග ගුණ 15 වන සමරුව . . .

Mon Jan 8 , 2024
ඝාතනයට ලක් කෙරුණු සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 15 වන ගුණ සමරුව අද (ජන. 8) උදේ 9.00ට බොරැල්ල කනත්තේ පිහිටි ඒ මහතාගේ සුසානය අබියසදී පැවැත්වේ. මෙහිදී ලසන්ත වික්‍රමතුංග මහතා සිහි කරමින් සුසානය අසලදී දේව මෙහෙයක් පැවැත්වීමට සූදානම් කර තිබේ. 2009 ජනවාරි 8 වන දා රත්මලාන අත්තිඩියේදී නාඳුනන කල්ලියක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x