ඔන්ලයින් ණය ජාවාරම් මර්දනය කිරීම සඳහා බලතල සහිත නව නීති ගෙන එන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අද (12) පාර්ලිමේන්තුවේදී පැවසීය. අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ශුද්‍ර මූල්‍ය සහ ණය නියාමන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන නමුත් ඔන්ලයින් ණය ජාවාරම් වැනි ප්‍රශ්න වලට එම කෙටුම්පතින් සම්පූර්ණ ආවරණයක් ලබාගන්නට නොහැකි බවයි. […]

දරුවන්ට බස් රථ තුළදී සිදුවන අපයෝජන වැළැක්වීම සඳහා බස් රථ තුළ සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ පැවසුවාය. මෙලෙස සී.සී.ටී.වී. කැමරා පද්ධති සවි කිරීම පිළිබඳ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇතැයිද ඇය සඳහන් කළාය. […]

ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින තරග නැරඹීමට යන්නට එපා කියන්නේ නම් ඔවුන් ශ්‍රී ලාංකිකයන් දැයි සිම්බාබේ ශ්‍රී ලංකා තරගයේ ක්‍රිකට් විස්තර විචාරකයන් ප්‍රශ්න කරයි. ශ‍්‍රී ලංකා ක්‍රිකට් යූ ටියුබ් නාලිකාව ඔස්සේ සජීව විකාශය අතරතුරදි ඔවුන් මෙසේ විමසීය. ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ නම් මොන දීපංකරයේ සිට වුව පැමිණ ඔවුන්ට ආශිර්වාද […]

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා හතරක් අලුත්වැඩියා කිරීමට අමතර කොටස් නොමැතිකම නිසා ගාල්කර තිබේ. දැනටමත් සමාගම සතුව ප්‍රමාණවත් ගුවන් යානා නොමැතිකම නිසා ගුවන් ගමන් වාර විශාල ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුව ඇති අතර ඉකුත් වසරේදී පමණක් මෙසේ අවලංගු කරන ලද ගුවන් ගමන් වාර ගණන සිය ගණනකි. ඊට අමතරව ගුවන් ගමන් […]

වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා. එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග […]

1

නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නේය. මේ සතිය මුලදී බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එලෙස නයන වාසලතිලක පත්කර ගැනුණි. 2020 මහ මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 31,307ක් ලබා ගත් වාසලතිලක සමගි ජනබල වේගයේ මනාප ලැයිස්තුවේ චමින්ද […]

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට අවශ්‍ය පරිදි විමධ්‍යගත අරමුදල් වෙන් කිරීමෙන් පොදු සංවර්ධනයක් සිදු නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. එබැවින් විමධ්‍යගත අරමුදල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා වෙනුවට මෙවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ලබාදෙන බවද හෙතෙම සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල (ස.ජ.බ) –  ගරු කතානායකතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට […]

ඉදිරියේදී ජාතික හැඳුනුම්පත නිකුත් කරන විටම බදු ගෙවන්නා හඳුනාගන්නා අංකය නිකුත් කිරීමට රජය සූදානම් වෙයි. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය සඳහන් කරන්නේ ඒ අනුව ජාතික හැඳුනුම්පත ලබාගන්නා විටම සියළුම පුරවැසියන්ට බදු අංකයක්ද හිමිවනු ඇති බවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත පරිගණකගත කර බදු සම්බන්ධ ක්‍රියාවලිය වඩා ශක්තිමත් කරන බවද හෙතෙම තවදුරටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.