කරාපිටියේ වෛද්‍යවරයාට පහරදුන් දෙදෙනෙකු අත්අඩංගුවට . . .

කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා ට පහරදුන් බව කියන රෝහල් සේවකයෙකු සහ සේවිකාවක් අත් අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල මුලස්ථාන පොලිසිය පැවසුවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල කොට්ටවගම පදිංචි සෞඛ්‍ය කාරය සහායිකාවක් සහ අකුරැස්ස දියලපේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකයෙක් බවයි.

ඉකුත් 16 වනදින පැවති වැඩ වර්ජනයට පිළිකා වාට්ටුවේ සේවකයින් සහභාගි නොවන බවට ප්‍රකාශ කර තිබුණත් කරාපිටිය රෝහලේ පිලිකා වාට්ටුවේ කණිෂ්ඨ සේවකයින් වර්ජනයට සහභාගිවිම සම්බන්ධයෙන් පසුදින වෛද්‍යවරයා සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර ඇතිවු ආරවුලකදි කණිෂ්ඨ සේවකයින් විසින් තමාට පහරදුන් බවට වෛද්‍යවරයා විසින් කර තිබු පැමිණිල්ලක් අනුව මෙම සැකකාරිය සහ සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විමල බුද්ධි යළි අත්අඩංගුවට . . .

Sun Jan 21 , 2024
රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ ක්‍රියාවන් වල නිරතවීම හේතුවෙනි. සැකකාර චීවරධාරියා මීට පෙරද අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබිණ. අපරාධ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x