මීනගයා ආපනශාලාවට මුද්‍රා තබයි . . .

මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයක් මත තාවකාලිකව මුද්‍රා තැබීමට පියවර ගෙන තිබේ. 

ඒ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වෙළඳාම් කිරීම සම්බන්ධයෙන්.

ඒ අනුව මඩකලපුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් පෙබරවාරි 08 වැනි දින දක්වා මීනගයා දුම්රියේ ආපනශාලාව මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 22 වැනි දින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ දුම්රියේ ආපන ශාලාව පරීක්ෂාවට ලක් කර තිබුණා.

එහි දී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීම සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, අනතුරුව එම ආපනශාලාව තාවකාලිකව වසා තබන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව ලබන 08 වැනි දින ආපනශාලාව සම්බන්ධයෙන් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මඩකලපුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය අදයි . . .

Thu Jan 25 , 2024
ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මහා මංගල්‍යයන්ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව අද (25) පෙරවරුවේ දළදා මාලිගාවේදී පැවැත්වෙයි. සතර මහා මංගල්‍යයන්ගෙන් සෑම වසරකම ප්‍රථමයෙන් අලුත් සහල් මංගල්‍යය පැවැත්වෙන අතර එහිදී දළදා මාළිගාවට අයත් කුඹුරුවලින් නෙළා ගන්නා ප්‍රථම අස්වැන්න පෙරහරින් දළදා මාළිගාව වෙත රැගෙනවිත් දළදා සමිඳුන් උදෙසා පූජා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x