වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක් . . .

වයසට යාම ප්‍රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් පවසයි.

මෙම ඖෂධය ස්වාභාවික අමුද්‍රව්‍යවලින් සකසා ඇතිබව කොළඹ සරසවියේ විද්‍යාඥයෝ පවසති.

දීර්ඝකාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව මේවන විට එම ඖෂධය නිෂ්පාදනය කිරීමේ අවසන් අදියරේ පවතින බවත් මහාචාර්යවරයා පැවැසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනය සහ විශ්වවිද්‍යාලයේ පිහිටුවා ඇති යුනිවර්සිටි බිස්නස් ලින්කේජ් හරහා පෞද්ගලික සමාගමක් සමග එක්ව ඉතා ඉක්මනින් වෙළෙදපොළට නිකුත් කරන බව ද විද්‍යාඥයෝ කණ්ඩායම පවසති.

  • ගයාන් සූරියආරච්චි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පරුෂ වචනයෙන් පොලිසියට පාට් දැමූ තරුණියක් අත්අඩංගුවට . . .

Mon Jan 29 , 2024
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් යැයි කියමින් කාන්තා පොලිස් සැරයන්වරියකට පහරදුන් 31 හැවිරිදි කාන්තාවක් ගන්දර පොලිසිය විසින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ගන්දර පොලිසියේ ත්‍රිරෝද රථයෙන් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් පොලිස් ස්ථානය කරා පැමිණ සිටියෙදී සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි කාන්තාවක් පොලිස් ත්‍රිරෝද රථය අනතුරට ලක් කිරීමට උත්සාහ දරා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x