බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් සේවයෙන් ඉවතට . . .

ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවේ බස් සේවකයන් හා සීමාසහිත බදුල්ල අන්තර් පළාත් මගී ප්‍රවාහන සංගමය අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වක් හේතුවෙන් බදුල්ල ඩිපෝ බස්රථ සේවකයන් සේවයෙන් ඉවත් ව තිබේ.

එම ඩිපෝව මගින් ධාවනය වන බස්රථ ධාවනය ඊයේ (02) පස්වරුවේ සිට නතර වීම හේතුවෙන් මගීන් මහත් අපහසුතාවට පත් ව සිටින බව වාර්තා වේ.

මාර්ග අංක 99 බදුල්ල – කොළඹ ඒකාබද්ධ සේවය මෙම සමාගමේ බස්රථ විසින් විධිමත්ම සිදුනොකරන බව පවසන ලංගම සේවකයෝ මෙම සමාගමට අයත් බස්රථ මධ්‍යම බස් නැවතුම්පොළේ නතර කිරීමට ද විරෝධය දක්වා ඇත.

ඔවුන් පවසන්නේ එම බස්රථ පෞද්ගලික බස් නැවතුමේ නතර කළ යුතු බවටයි.

නමුත් බදුල්ල මගී ප්‍රවාහන සංගමය පවසන්නේ අධිකරණ නියෝගවලට අනුකූලව තම බස්රථ ධාවනය වන බවයි.

කෙසේ වෙතත් පෞද්ගලික බස් සේවා සියල්ල බාධාවකින් තොරව ධාවනය වන අතර, බදුල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් ලංගම ඩිපෝවල බස්රථ ද සාමාන්‍ය පරිදි ධාවනය වන බව වාර්තා වේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි 10ක මත් පෙති වත්තලින් මතුවෙයි . . .

Sat Feb 3 , 2024
එඬේරමුල්ල අප්පුගේ වත්ත ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් කෝටි 10ට අධික වටිනා මත් පෙති තොගයක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම නිවසේ ගබඩා කර තිබූ මත් පෙති එක් ලක්ෂ අනූ දෙදාහයක (192,000) ප්‍රමාණයක් තිබූ බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. විදේශ රටක සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x