සනත්ගේ බිරිඳ පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවට ? . . .

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ බිරිඳ නීතිඥ චමරි පෙරේරා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක  ලෙස පත්කිරීමට පක්ෂයේ ඉහළ  අවධානයට  යොමුවී ඇත.

මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් තරුණ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් සාකච්ඡාව පවත්වා ඇත.

එම යෝජනාව පක්ෂයේ මධ්‍යම කාරක සභාවට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට අද හෙටම ඉදිරිපත් කිරීමට නියමිතව  ඇතැයි වාර්තාවේ.

මෙම යෝජනාවට පක්ෂයේ ඉහළ නායකත්වයේද  ආශිර්වාදය ලැබී ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තරඟ වැදීමට ආරාධනා ලැබුණහොත් භාර ගැනීමට සූදානම් බව නීතිඥ චමරි පෙරේරා පසුගියදා ප්‍රකාශ කළාය.

  • සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෙහෙළිය අධිකරණයට . . .

Sat Feb 3 , 2024
ආන්දෝලනාත්මක මානව ප්‍රතිදේහ එන්නත් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (පෙබ. 3) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අමාත්‍යවරයා ඊයේ (පෙබ. 2) පෙ.ව. 9:00ට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර පැය 10කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x