ජීවිත 112ක් බිලිගත් මාරාන්තික ගින්න . . .

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර තත්ත්වය සමනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවයි.

මෙය චිලියේ රජ්‍ය මෙතෙක් වාර්තා වූ ලැව්ගිනි අතරින් මාරාන්තිකම ලැව්ගින්න ලෙස සැලකේ. ‍මෙම ලැව්ගින්නට හසු වී පීඩාවට පත් වූවන්ගෙන් බොහෝදෙනෙක් ගිම්හාන නිවාඩු කාලය තුළ වෙරළබඩ කලාපයට පැමිණි පිරිස බව සඳහන් වේ.

මෙම ප්‍රදේශයේ සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් කර ඇති අතර තාවකාලික රෝහල් ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ. ‍ සහන කණ්ඩායම් විපතට පත්ව සිටින පිරිස බෙරා ගැනීමට දැඩි පරීශ්‍රමයක් දරන බවත් විපතට පත් ප්‍රදේශවලට ළඟා වීමට අසීරූ බවත් සඳහන් වේ.

මේ අතර එරට බලධාරීන් පවසා ඇත්තේ ඉදිරි පැය කිහිපය තුළ මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවය. නිවාස 3,000ත් 6,000ත් අතර සංඛ්‍යාවක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී තිබේ.

  • Sewvandhi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඔස්ට්‍රේලියානු ලේඛකයාට චීනයේදී මරණ දඬුවම . . .

Mon Feb 5 , 2024
චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි ඔහුට වසර පහකට පසුව චීන අධිකරණය මෙම අත්හිටවූ මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම දඬුවම වසර දෙකකට පසු ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x