හංගේරියානු ජනාධිපතිනි ඉල්ලා අස් වෙයි . . .

හංගේරියානු ජනාධිපති කැටලීන් නොවැක් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස්වීම සෙනසුරාදා නිවේදනය කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

“මම වැරැද්දක් කළා … අද මම ඔබට ජනාධිපතිවරයෙකු ලෙස ආමන්ත්‍රණය කරන අවසාන දිනයයි,”යනුවෙන් නොවැක්, සිය ඉල්ලා අස්වීම නිවේදනය කරමින් පවසා තිබුණි.

ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව හංගේරියානු ජනාධිපතිවරිය ප්‍රකාශ කර ඇත.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහිව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ සමාව ලබා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් හංගේරියාවේ විරෝධතා පැවති අතර, විරෝධතාකරුවන් පැවසුවේ ජනාධිපතිවරිය සිය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ, අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිටි බවයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මීගොඩ ආර්ථිකය වහයි . . .

Mon Feb 12 , 2024
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45,000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආනාරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ. යතුරු පැදියකින් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා අද (12) අලුයම එහි සේවිකාවට වෙඩි තබා මෙම කොල්ලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x