මීගොඩ ආර්ථිකය වහයි . . .

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ රුපියල් 45,000ක මුදලක් පැහැර ගැනිමත් සමග තමන් ආනාරක්ෂිත බව පවසමින් එහි වෙළෙන්දෝ ආර්ථික මධ්‍යස්ථානය වසා දැමූහ.

යතුරු පැදියකින් කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනා අද (12) අලුයම එහි සේවිකාවට වෙඩි තබා මෙම කොල්ලය සිදු කළ අතර තුවාල ලැබූ සේවිකාව  හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ සේවිකාව සහ එහි එක් සේවකයකු පමණක් සේවයේ රැඳී සිට ඇති අතර වෙළෙඳහල් හිමිකරුට දුරකතන ඇමතුමක් දී නිවෙසට ඇරලවන්නැයි පවසා විනාඩි කීපයක් ඇතුළත මෙම සිද්ධිය සිදුව තිබේ.

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානේ පොලිස් මුරපොළ පෙනෙන මානයේ ඇති මෙම වෙළෙඳහලෙහි කොල්ලය සිදුවී සෑහෙන වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිලධාරියකු එම ස්ථානයට නොපැමිණි බවත් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට ලොකු සටනක් කර පොලිසිය ගෙන්වා ගැනීමට සිදුවූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෝ පැවැසූහ. කොල්ලකරුවන් දාම්පේ බෙරැකැටිය මාර්ගය දෙසින් පැමිණ කොල්ලය සිදුකර ඒ දෙසටම පළා ගොස් ඇතැයි පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක් වූ වෙළෙඳහල් සේවිකාවගේ ශරීරයේ උණ්ඩ කැබලි තුනක් ඇති බවට නිරීක්ෂණය වූ බව හෝමාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

 

  • කේ.බුද්ධික කුමාරසිරි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට යළි වර්ජනයේ . . .

Mon Feb 12 , 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් හෙට (13) උදෑසන 6.30 සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මුදල් අමාත්‍යාංශය සමග පැවැති සාකච්චා අසාර්ථක වූ බැවින් සෞඛ්‍ය සේවාව නැවත වර්ජනකට යොමුවන බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. එම වැඩ වර්ජනය සඳහා වෛද්‍යවරුන් එක් නොවන බවද සඳහන් වෙයි. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x