උරුමය ඉල්ලීමට දුරකථන අංකයක් . . .

“උරුමය” ජාතික වැඩසටහනින් ප්‍රජාව වෙත සිය භූමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබාදීම සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

1908 ක්ෂණික ඇමතුම් අංකය සහ දුරකථන අංක 0114 354 600 හෝ 0114 354 601 ඔස්සේ ජනාධිපති කාර්යාලයේ, උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ලියාපදිංචි වීම සඳහා අවස්ථාව හිමි වනු ඇති.

එමෙන්ම උරුමය වෙබ් අඩවියේ පවතින පෝරමය පිරවීම මඟින් ද අදාළ අවශ්‍යතාව ඉටුකිරීමට පහසුකම් සලසා දී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඥාණක්කා යළිත් කරළියට . . .

Mon Feb 26 , 2024
පළවා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යාතුකර්ම කටයුතු සිදු කළ අනුරාධපුරයේ ඥාණක්කා නැවත කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. මේ වනවිට ඇතැම් දේශපාලඥයින් සහ පොලිසියේ ඉහළ පෙළේ නිලධාරීන් තම ඉදිරි අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම තැනැත්තියගෙන් ශාන්තිකර්ම ලබා ගැනීමට පසුගිය මාසයක පමණ කාලයක සිට පෙළ ගැසී ඇති බව හෙළිවේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x