මහින්ද බන්ධනාගාරයට . . .

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොස් තිබේ.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කලද ඔහුට ඇති අසනීප තත්ත්වයන් මත මේ වන විට රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේය.

හිටපු ජනාධිපතිවරයා එහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැය භාගයක පමණ කාලයක් කතාබහක නිරත වී තිබේ.

දීර්ඝ කාලීනව ප්‍රතිකාර ලබා ගන්නා බෝ නොවන රෝග කීපයක්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට තිබීම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ මත ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටී.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අත්අඩංගුවට ගන්න කලින් දමිතා යුවල ඇප ඉල්ලයි . . .

Thu Feb 29 , 2024
ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප අයදුම් පතට අදාළ විමසීම් අවසන් වනතෙක් වරෙන්තුවක් නොමැතිව ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ පොලිසියට ඊයේ (28 වැනිදා) නියෝග කළේය. කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x