කෙහෙළිය පාර්ලිමේන්තු එන්නේ නෑ . . .

බාල ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින සෞඛ්‍ය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බව ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

අසනීප තත්වයෙන් පසුවන හෙයින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන බවද එමගින් දන්වා ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පසු ඔහුගේ ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයාගේ උපදෙස් මත වේත්‍රධාරිවරයා සියලු කටයුතු සූදානම් කර තිබිණ.

ඔහු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි.

මේ අතර ඔහුගේ අසනීප තත්වය සම්බන්ධයෙන් විස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර කොමසාරිස්වරයාට පසුගියදා නියෝග කළේය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පොල් මිල නොසිතූ ලෙස ඉහළ නගී . . .

Sat Mar 2 , 2024
පාරිභෝගිකයින් චෝදනා කරන්නේ, පොල් මිලද ඉහළ ගොස් ඇති බවයි. ඇතැම් ස්ථානවල පොල් ගෙඩියක් රුපියල් 150ක මිලකට අලෙවි වන බවයි, ඔවුන් කියා සිටින්නේ. තවද, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ, උත්සව සමයේ වෙළදපොලේ සිදුවන අනිසි මිල වැඩිවීම් පාලනය කිරීමට ඉදිරි සතියේදී බිත්තර සදහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි. දේශීය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x