ගෝඨාභය ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි . . .

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇමරිකා එක්සත් ජනපදයෙහි පුරවැසිභාවය සඳහා නැවතත් ඉල්ලුම් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ගෝඨාභය රාජපක්ෂ දෙසැම්බර් මාසයේදී එහි පවුලේ අය සමග නිවාඩුවක් ගත කිරීමට ගොස් මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියි. ඒ  ඔහු ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව යාමට යනු ඇතැයි මුලින් වාර්තා වූ නමුත් ඇමරිකාවට යාම සඳහා ඔහුට විසා නොතිබිණි.

මෙම තත්ත්වයන් ගෝඨාභය රාජපක්ෂ  සිය නීතිඥයන් මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත්තේ ඔහුට නැවතත් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා දෙන ලෙසයි.

පසුගිය ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් අතහැර දමන ලද ඇමරිකානු පුරවැසිභාවය නැවත ලබාදෙන්නැයි කරන ලද ඉල්ලීම මෙතෙක් එරට විසින් යළි සලකා බලා ඇතැයිද වාර්තාවේ සඳහන්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් යනු අරගලය විනාශ කිරීමට ගෙන ආ ටූල් එකක් . . .

Mon Jan 2 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලය විනාශ කිරීමට ගෙන එන ලද ටූල් එකක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සඳහන් කරයි. පසුගිය මැයි මාසයේ ඇතිවූ අරගලකාරී තත්වයේදී තමන් අරලියගහ මන්දිරයේ රැඳී සිටියේ ගිනි අවි දෙකක් සහිතය බව ද හෙතෙම කියා සිටියි. යම් හෙයකින් අරගලකරුවන් මහින්ද රාජපක්ෂට හිරිහැරයක් කරදරයක් කරන්නට උත්සාහ කළේ නම් සීයකට වුවත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x