ආණ්ඩුකාර පුත‍්‍රයා පහරදී ප‍්‍රකට ව්‍යාපාරික දියණිය රෝහලේ . . .

කොළඹ හැව්ලොක් උද්‍යානයේ මහල් නිවාස සංකීර්ණයකදී තරුණියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල්ගේ පුත් මොහොමඩ් ඉෂාම් ජමාල්ඩීන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

පොලීසිය පැවසුවේල මෙම කාන්තාවට ජමාල්ඩීන් විසින් පහර දී ඇති අතර ඇය තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවය.

පහරදීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වැල්ලවත්ත පොලිසිය විමර්ශන සිදු කරන අතර සැකකරුගේ නිවෙස් දෙකක පුළුල් සෝදිසි කිරීම් ආරම්භ කර ඇතත් ඔහු තවමත් අත්අඩංගුවට ගෙන නොමැත.
ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ දියණියක වන මෙම කාන්තාව විවාහ වී සිටින්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු සමග බවටත් වාර්තා වෙයි.
සිදුවීම ගැන අධිකරණයට දන්වා ජමාල්ඩීන්ට විදේශ ගමන් තහනමක් ද ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
– lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධික අවුරුදු වල උපන් මව සහ දියණිය . . .

Sun Mar 3 , 2024
අධික අවුරුද්දක උපන් මවක මෙම 2024 අධික අවුරුද්දේ දියණියක බිහි කළ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. උතුරු කැරොලිනාවේ මහාචාර්යවරියක වන කයි සන් දියණිය, ක්ලෝවි ප්‍රසූත සිදු කළේ පසුගිය පෙබරවාරි 29 වැනිදාය. විදෙස් සම්භවයක් ඇති කයි සන්, උතුරු කැරොලිනා ජනපදයේ, ඩියුක් හෙල්ත් වෛද්‍ය විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියකි. දියණිය ක්ලෝවි, උපන්නේ පෙබරවාරි 29 වැනි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x