සියලුම සෙබළුන්ගේ පැටිකිරිය සොයයි . . .

දැනට හමුදා සේවයේ යෙදී සිටින සෙබළුන්ගේ පවුල් පසුබිම් වාර්තාවක් යළිත් සකස් කිරීමට හමුදා බුද්ධි අංශ පියවර ගෙන තිබේ.

මීට හේතුව වී ඇත්තේ පසුගිය කාලයේ වාර්තා වූ පාතාල වෙඩි තැබීම් බොහොමයකට සක්‍රිය සේවයේ යෙදී සිටින හමුදා සෙබළුන් සම්බන්ධ බවට තහවුරු වීමයි.

හමුදා සහ පොලිස් සේවයට බඳවා ගැනීමේදී පවුල් පසුබිම ගැන වාර්තාවක් ලබා ගැනීමට කලින් සිදු වුවත් පසුගිය කාලයේදී එම ක්‍රමවේදය ක්‍රියාත්මක වූයේ නැත. මේ නිසාම පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ හමුදා සෙබළුන් හඳුනා ගැනීමේ දුෂ්කරතාවක් මතුවී ඇති බවද ආරක්ෂක අංශ පෙන්වා දෙති.

හමුදා සේවයට එක්වන මොහොතේ පවුල් පසුබිම් වාර්තා හමුදා බුද්ධි අංශයෙන් ලබාගත්තද, ඉන්පසුව රෙජිමේන්තු මට්ටමින් ඔවුන් අධීක්ෂණය නොවීම නිසා ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන සෙබළුන් පාතාල කල්ලිවල වෙඩික්කරුවන් හා යතුරුපැදිකරුවන් වී ඇතැයි හෙළිවී තිබේ.

යුද හමුදාවේ විශේෂිත පුහුණුව ලද කමාන්ඩෝ, විශේෂ බළකා හා බුද්ධි අංශවලින් විශ්‍රාම ගන්නා හා පලායන අය සම්බන්ධව අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් මීට පෙර ක්‍රියාත්මක වුවද අනෙකුත් රෙජිමේන්තුවලට එය ඉලක්ක කර තිබී නොමැත.

මේ අනුව අණදෙන නිලධාරීන් මට්ටමින් සියලු ඒකකවල සෙබළුන් ගැන නිරීක්ෂණය කිරීමට නියෝග කර ඇත.

මෙම ක්‍රමවේදය යුද හමුදවට අමතරව, නාවික හා ගුවන් හමුදාවද ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබේ.

ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් නිවාඩු යන එන ආකාරය නිරීක්ෂණය කිරීමට විශේෂ මෙහෙයුමක් ද ඒ අනුව අරඹා ඇතැයි ජ්‍යෙෂ්ඨ ආරක්ෂක ප්‍රධානියකු සතිඅග අරුණට පැවසීය.

ආරක්ෂක මාණ්ඩලකි ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේද සහාය ඇතිව මේ සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය අතින් පසුගිය දා මැරුම් කෑ හමුදා ලාන්ස් කෝප්‍රල්වරයා මෙන්ම වෙඩික්කරුවකු ලෙස කටයුතු කළ කෝප්‍රල්වරයාගේ පවුලේ සොයුරන් කොස්ගොඩ සුජීගේ කල්ලියේ නිත්‍ය සාමාජිකයන් බවට අනාවරණය වී ඇත.

හමුදාවට බඳවාගැනීමේදී මෙන්ම වසර කිසිහිපයකින් පසුව පසුබිම් වාර්තා ලබාගත්තේ නම් එවැනි පුද්ගලයන් හඳුනාගැනීමට තිබූ බව ජ්‍යෂ්ඨ නිලධාරීන් පෙන්වා දෙති.

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ තොරතුරු දත්ත පද්ධතියකට ඇතුළත් කර පළාත් හා වසම් කාණ්ඩ වශයෙන් වෙන් කිරීම් කිරීම මෙන්ම ඔවුන්ගේ පසුබිම් වාර්තා ගැනීම මගින් අපරාධ කල්ලි හා සබඳතා පවත්වන්නන් කල්තියා හඳුනාගත හැකි බවද එවන් දත්ත පද්ධතියක අවශ්‍යතාව මේ වන විට පැන නැගී ඇති බවද ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පෙන්වා දෙති.

  • තිස්ස රවීන්ද්‍ර පෙරේරා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාසල් අධ්‍යාපනයට එන කෘත්‍රිම බුද්ධිය . . .

Sun Mar 3 , 2024
පාසල් වල 08 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය විෂය සමඟ කෘත්‍රිම බුද්ධිය හැදෑරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (03) පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. එළැඹෙන මාර්තු 19 වනදා එහි නියමු ව්‍යාපෘතිය පාසල් 20ක් යොදා ගනිමින් ආරම්භ කරන අතර ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදු කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x