පොදු වැසිකිළි ගාස්තු බහි . . .

කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන ඇතැම් පොදු වැසිකිළිවල ගාස්තුව රුපියල් 10 ක් දක්වා අඩුකර තිබේ.

කොළඹ මහ නගර සභාව විසින් පිටකොටුව ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ පවත්වාගෙන යන (saunders place) පොදු වැසිකිළියේ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩුකර ඇත. දැනට සති තුනකට පමණ ඉහතදී එම පොදු වැසිකිළියේ අය කරන ලද ගාස්තුව රුපියල් 20 කි.

පිටකොටුව බැස්ටියන් මාවත අන්තර් පළාත් බස් පර්යන්තයේ පොදු වැසිකිළියේ ගාස්තුව රුපියල් 50 ක් දක්වා වැඩිකර තිබෙන බවට අරුණ කරන ලද අනාවරණයෙන් පසු, එහි ගාස්තුව රුපියල් 40ක් දක්වා යළි පෙර පැවැති මිලට අඩු කෙරිනි.

කොළඹ මහ නගර සභාව විසින් පාලනය කරන ඇතැම් පොදු වැසිකිළිවලින් රුපියල් 20ත් 40ත් අතර විවිධ ගාස්තු අය කෙරේ.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නුවරඑලියේ විශේෂ වෛරස් මර්ධන එන්නතක් . . .

Mon Mar 4 , 2024
නුවරඑළිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම ආපනශාලා සහ ආහාර පාන නිෂ්පාදනය කරන ආයතන වල සේවය කරන සේවක සේවිකාවන්ට ටයිපොයිඩ් එන්නත ලබාදීම නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් (01) දින සිට සතියක් පුරාවට සිදු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පැවසිය. එළඹෙන අප්‍රේල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x