වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කළ ඉල්ලීම . . .

වියළි කාලගුණය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ උණුසුම් කාලගුණය අප්‍රේල් මාසයේ මැද දක්වා පවතින බැවින් මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසය.

මේ අතර සතුන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

එහි අධ්‍යක්ෂිකා ආචාර්ය හේමාලි කොතලාවල පැවසුවේ කිරි ගවයින් සම්බන්ධයෙන් වීශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.

සතුන්ට ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීමට කටයුතු කිරීමෙන් කිරි නිෂ්පාදනය අඩු වීම වළක්වා ගත හැකි බවත් එමගින් සතුන් විජලනය වීම අවම කර ගත හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්මේන්තුව සඳහන් කරයි.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලබන අවුරුද්දෙ තියෙන්නෙත් මේ ආණ්ඩුවමයි . . .

Mon Mar 4 , 2024
ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව කී ජනාධිපතිවරයා  සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ඉල්ලා සිටියේය. ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x