ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට දිවා ආහාරය . . .

රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එක් සිසුවෙකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කර තිබේ.

වෙළෙඳපොළ තුළ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උචිඡාවචනය අනුව එක් අහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැය වන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත් කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කරනු ලැබ ඇත.

එසේ ම “පාසල් ආහාර වැඩසටහන” වෙනුවෙන් Save the Children සංවිධානය මගින් 2024 වර්ෂය සඳහා තෝරාගත් පාසැල් 917න් සිසුන් ලක්ෂ 2කට අහාර ද්‍රව්‍ය වර්ග 3ක් ලබා දීමට ඒකඟතාව පළ කර තිබේ.

ඒ අනුව එක් අහාර වේලක් වෙනුවෙන් එක් සිසුවෙකු සඳහා වැය වන මුදල රුපියල් 110 දක්වා වැඩි කිරීමටත්, ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 2024 වර්ෂය තුළ දින 170ක් සඳහා “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.

  • Tharaka Samman
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ගූගල් සිතියමෙන් අරලියගහ මන්දිරයට පැනපු ඩබල . . .

Tue Mar 5 , 2024
ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන පුද්ගලයකු සහ වෙළඳ නාවික ලෙස රැකියාව කරන පුද්ගලයෙක්. ඔවුන් දෙදෙනා රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගොස් මත්පැන් පානය කර ඔවුන් නවාතැන් ගෙන සිටින මුහන්දිරම් පාරේ ලැගුම්හල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x