හිල්ටන් හෝටලය ගන්න ආයෝජකයන් හතර දෙනෙක් . . .

කොළඹ හිල්ටන් හෝටලය පෞද්ගලික අංශයේ ආයෝජනයකට ලබාදීම සඳහා සූදානම් කර ඇති අතර  මේ විටත් ව්‍යාපාරිකයන් සිව් දෙනකු ඊට  ඉදිරිපත් වී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පැවසීය. 

රජය ව්‍යාපාර කටයුතුවලින් ඉවත්වීමේ ප්‍රතිපත්තිය යටතේ නිල්ටන් හෝටලේ පෞද්ගලික ආයෝජනයකට ලබාදෙන බව කී රාජ්‍ය අමාත්‍යවරයා  නමුත් රජය බලාපොරොත්තු වන මූල්‍ය ආයෝජනය එහිදී අනිවාර්යෙන් ලැබිය යුතු බව පැවසීය.

රජය විසින් අත්‍යවශ්‍යම සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව ද නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ඉන්දියාව, චීනය සහ බටහිර රටවල් කිහිපයක් මෙරට ආයෝජන සඳහා ඉදිරිපත් වී සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මේ බව කීවෙි  ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

විහාරාධිපති පැදවු රියේ හැපී අයෙක් රෝහලේ . . .

Thu Mar 7 , 2024
ගම්පහ නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති භික්ෂුවක් විසින් පදවන ලද කැබ්රථයක පුද්ගලයකු හැපීමෙන් එම පුද්ගලයා තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ. යක්කල පොලිසිය සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් පසුව හිමිනම විහාරස්ථානයෙන්ද අතුරුදහන් වී ඇති බවය. සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් පොලිසිය ප‍්‍රකාශයක් ලබා ගෙන ඇත. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය. lanka […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x