මධ්‍යම තැපැල් හුවමාරුවේ සංකේත වැඩ වර්ජනයක් . . .

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ මේ බව පැවසීය.

ඔවුන් පවසන්නේ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවයේ නිරත සියයට 40කට ආසන්න කාන්තාවන් ඉන් අපහසුතාවයට පත්ව ඇති බවත් ඒ අතර ගැබිණි මව්වරුන්ද සිටින බවත්ය.

විදුලි සෝපානය අක්‍රීය වී වසරකට ආසන්න කාලයක් ගතවුවද එය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් තැපැල් මළු ගොඩනැගිල්ල තුළ එහා මෙහා ගෙනයාමට සේවකයින්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව ඔවුන් පවසයි.

රජය එය නැවත සකස්කිරීමට මාස 3ක් කාලසීමාවක් ඉල්ලා සිටින බව පැවසූ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ මාසයක් ඇතුළත එය නැවත සකස් කිරීමට අපොහොසත් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට එළඹෙන බවය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රනිල් අද ජනාධිපතිවරණ සටන අරඹයි . . .

Sun Mar 10 , 2024
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී වන රැළියක් අද කුලියාපිටියදී පැවැත්වේ. වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් පසුව සහභාගි වන පළමු එක්සත් ජාතික පක්ෂ මහජන රැළිය මෙයයි. ‘සැබෑව’ යන තේමාවෙන් මෙය පැවැත්වෙන අතර අකිල විරාජ් කාරියවසම් විසින් සංවිධානය කර ඇත. කාරියවසම් සඳහන් කරන්නේ මෙය ජනාධිපතිවරණය ඉලක්ක කරමින් පවත්වන පළමු මහජන රැළිය වන බවය.  lanka C […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x