ගංජා සමඟ හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට . . .

යුධ හමුදා බුද්ධි අංශය හා මාතර විශේෂ පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඒකාබද්ධව සිදු කල වැටලීමකදී කිළිනොච්චි ප්‍රදේශයේ සිට මාතර වෙත ගංජා ගෙනවිත් විකිණිම් සිදු කරන ලද හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සතුව කේරළ ගංජා කිලෝ 3ක් තිබී ඇති අතර මෙම මිලියනකට අධික වටිනාකමකින් යුත් මෙම ගංජා තොගය ඉතා සූක්‍ෂමව කිළිනොච්චියේ සිට මාතර දක්වා බස් රථයකින් ප්‍රවාහනය කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

ගංජා තොගය සමඟින් අත්අඩංගුවට ගත් සැකකරු හිටපු එල්ටීටීඊ සාමාජියයෙක් ලෙස හදුනාගෙන ඇති අතර මොහු 2005 වර්ෂයේදී ආරක්‍ෂක අංශ අත්අඩංගුවට පත්ව වසර කිහිපයක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇත.

අත්අඩංගුවට ගත් ගංජා තොගය සහ සැකකරු පිළිබද ඉදිරි විමර්ශන කටයුතු මාතර විශේෂ පොලිස් කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බිග් මැච් යන්න ඥාතියාගේ වකුගඩු සායන පොත උස්සලා . . .

Wed Mar 13 , 2024
අධිමාත්‍රා සහිත මත්වන කරල් මිල දී ගත් කුරුණෑගල ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරන සිසුන් දෙදෙනාට දැඩි ලෙසට අවවාද කර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත දෙදෙනා වෙන් වෙන් වශයෙන් මුදා හැරීමට මහව ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර රන්ජන් බණ්ඩාර පෙරේදා (11) නියෝග කළේය. මෙලෙස ඇප මත මුදා හැරියේ කුඹුක්ගැටේ හා මැල්සිරිපුර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x