නිවසක් මතට අයිස් කුට්ටියක් කඩා වැටෙයි . . .

වැහි වළාකුලක් හෝ නොමැති අවස්ථාවක හාලි ඇල මැදගම ග්‍රාම සේවා වසමේ ලැයිම් කාමරයක වහලයක් මතට  ඊයේ  (12) පස්වරැ 5.40 ට පමණ  කිලෝග්‍රෑම් 50ක   පමණ බරකින් යුත් දැවැන්ත අයිස් කුට්ටියක් කඩා වැටුණු බව එම නිවැසියෝ පැවැසූහ.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයද සිද්ධීය සනාථ කළේය. අයිස් කුට්ටිය පතිතවී තිබුනේ  හාලි ඇල, මැදගම,රිල්පොල , මැදගම අලුත් කොටස ලිපිනයේ පිහිටි ලැයිම් කාමරයක නිවසක වහලයක් මතටය.

අයිස් කුට්ටිය කඩා වැටෙන මොහොතේ නිවැසියන් කිසිවෙකුත් සිට නොමැත.

අයිස් කුට්ටිය කඩා වැටීමෙන් නිවසේ තිබූ පරාළයකටද අලාභ හානි සිදුව ඇත.

පරාළය නොතිබෙන්නට අයිස් කුට්ටිය වහලේ තිබූ ටකරන් සිදුරු කරගෙන නිවස තුළට ඇද වැටෙන්නට ඉඩ තිබිණි.

අයිස් කුට්ටිය කඩා වැටෙන අවස්ථාවේ ප්‍රදේශයේ පිහිටි නිවෙස් වලට විශාල හඬක් ඇසී ඇතත් ඔවුන් සිතා ඇත්තේ වහලට පොල් ගෙඩියක් වැටෙන්නට ඇතැයි සිතාය. කෙසේ වෙතත් නිවසේ පදිංචි කාන්තාව නිවෙසට පැමිණෙද්දී වර්ෂාවක් පවා නොමැතිව වහලයෙන් ජලය  වෑස්සෙන බව දැක එය තම  පුතා වන ආනන්දන් මනිවන්නන් හට දැනුම් දී ඇත.

ඒ අනුව ඔහු වහලයට ගොඩ වී බලද්දී වහලය මත  ඒ වන විටත් දියවෙමින් තිබූ  දැවැන්ත අයිස් කුට්ටිය ඔහුගේ නිරීක්ෂණයට ලක්ව ඇත. ඒ පිළිබඳව අදහස් දැක්වූ ආනන්දන් මණිවන්නන් මෙසේ කීය.

මම වැඩකට ගියා 6.30 බස් එකේ ආවේ. අම්මා කිව්වා   වහලෙන් වතුර වැටෙනවා  කියල. වැස්සෙත් නැහැ. හොදට දවසෙම පෑයුවා.  ඊට පස්සේ වහලෙට නැඟලා බැලුවා. බලනකොට තමයි දැක්කේ  වහලෙ උඩ ලොකු අයිස් කුට්ටියක්ලේ දිය වි දියවී තියෙනවා. ඒකෙ වතුර තමයි පහළට වැටුනෙ. ගෙට ඇවිල්ල බලද්දි වහලෙ පරාලෙකුත් බිඳිලා තිබුනා  පරාලෙ නොතිබෙන්න අයිස් කුට්ටිය ගේ ඇතුලටම වැටෙනවා.

අසල්වැසි කාන්තාවක් වන පී ආරායි (70) මෙසේ කීවාය.

හවස හතර හමාරට පහට විතර එකපාරම මහ සද්දයක් ආවා.වහලෙ ටකරං උඩට වැටුණ නිසා තමයි ඒ සද්දෙ ආවෙ.

අපි හිතුවෙ   පොල් ගෙඩියක් වැටෙන්න ඇති කියලා  වටේ අයටත් ඇහුනා.

ඒත් ඒ ගෙදර කවුරුත් නැති හින්ද අපි ඒ ගැන එයාලා බැලුවේ නෑ.

ගෙදර අම්ම ආවට පස්සේ තමයි කට්ටිය ඇවිල්ල බැලුවේ. එතකොට තමයි මේ අයිස් කුට්ටිය අපි දැක්කේ.  සැලවීමෙන් පසුව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නිලධාරීන් පැමිණ අයිස් කුට්ටිය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළ බවද නිවැසියෝ පැවසූහ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

"ඔන්මැක්ස්" සභාපති අත්අඩංගුවට ගන්න රතු වරෙන්තුවක් . . .

Wed Mar 13 , 2024
“ඔන්මැක්ස් ඩී.ටී.” නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල   රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය. ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපළේ කිෂ්ටො කරන්සි හා බයිනෑන්ස් මුල්‍ය වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යු එස් ඩි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x