ඩීසල්වලට වතුර කලවම් වූ ඉන්ධන පිරවුම්හල . . .

බලන්ගොඩ සමුපකාර සමිතියට අයත් බලංගොඩ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලක ඩීසල් වලට ජලය මිශ්‍ර වී ඇති බව අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් විසින් සිදුකළ ඉන්ධන පරීක්ෂාවකදී අනාවරණය වී තිබේ.

ඊ‌යේ (13) පස්වරුවේ එම ඉන්ධන පිරවුම්හලෙන් නිකුත් කළ ඩීසල් හේතුවෙන් වාහන ධාවනය කිරීමේදී වාහන කිහිපයක් අතරමග නතර වී ඇත.

එම වාහන හිමියන් මේ සම්බන්ධයෙන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරීත්වය දැනුවත් කිරීමට කටයුතු කර තිබුණි.

අනතුරුව එම ඉන්ධන පිරවුම්හල අයත් බලන්ගොඩ සමූපකාර සමිතියේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් අයි.ඕ.සී. සමාගමේ නිලධාරීන් දැනුවත් කර තිබේ.

එම නිලධාරීන් පැමිණි අදාළ ඉන්ධන පිරවුම්හලේ ඇති ඩීසල් තොග සහ අතරමග නතර වූ වාහනවල ඩීසල් පරීක්ෂාවට ලක් කර තිබේ.

එහිදී එම ඩීසල් වලට ජලය මිශ්‍ර වි ඇති බවට එම පරික්ෂණ වලින් තහවුරු වෙන බව පරික්ෂණ කණ්ඩායම පැවැසුහ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දියවැඩියා රෝගීන් වැඩිම ආසියානු රට ශ්‍රී ලංකාව . . .

Thu Mar 14 , 2024
රෝගීන්ට ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ 850න් ඖෂධ 820-830ත් අතර ප්‍රමාණයක් රෝහල්වල ඇති බව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණ පැවසීය. ශ්‍රී ලංකා කායික රෝග විද්‍යාතනය ඊයේ (13 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදි කායික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා SLCIM යනුවෙන් නිල වෙබ් අඩවියක් එළි දැක්වීය. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x